කොරෝනා වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් චීනය මිලියන 13 ක පිරිසක් සමග යළිත් වරක් නගරයක් වසාදමා තිබෙනවා.
චීනයේ උතුරුදිග නගරයක් වන ෂියෑන් නගරය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමීමට නගර බලධාරීන් තීරණය කර තිබෙනවා. කොපමණ කාලයක් එය බලපැවැත්වෙන්නේ ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. ෂියෑන් නගරයේ ජීවත්වන පවුල්වලින් එක් පුද්ගලයෙකුට පමණක් දින දෙකකට වරක් අත්‍යවශ්‍ය කාරණයකට පමණක් නිවසින් පිටතට යාමට අවසර හිමිව තිබෙනවා.
එළඹෙන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත 2022 ශීත සෘතු ඔලිම්පික් උළෙල හේතුවෙන් කොරෝනා ව්‍යාප්තියෙන් තොර රටක් ගොඩනැගීම චීනයේ අරමුණයි. ඒ අනුව මේ වනවිටත් රට පුරා කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීමේ පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ