දිස්ත්‍රික් පහක පිහිටි රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (20 වැනිදා) පැය විසිහතරක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
ඒ අනුව නුවරඑළිය, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මන්නාරම සහ රත්නපුර දිස්ත්‍රික්කවල මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ. ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව රෝහල්වලට වෛද්‍යවරුන් පත්කිරීමට එරෙහිව අද පෙරවරු 8.00ට අදාළ වැඩවර්ජනය ආරම්භ කෙරෙන බවත් හා වර්ජනය පැවැතිය ද හදිසි වෛද්‍ය සේවා ක්‍රියාත්මක වන බවත් එම සංගමය වැඩිදුරටත් පැවසීය.
More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට