ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැතිනිය වයෙට් ඩැට් දෛනික කොරෝනා තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටිද්දී, මකුළුවකුගෙන් බාධා එල්ල විය.
සුපුරුදු පරිදි මාධ්‍ය හමුව පැවැත්වූයේ එළිමහනේය. ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගැන දැනුම් දෙද්දී, ‘හන්ට්ස්මන්’ වර්ගයේ මකුළුවකු සිටිනු දකින්න ලැබෙන්නේ ඇමැතිනිය ඉදිරියේ අසුන්ගෙන සිටින මාධ්‍යවේදීන්ටය.
‘හන්ට්ස්මන්’ යනු ඔස්ට්‍රේලියාවේ බහුලව දකින්න ලැබෙන ප්‍රමාණයෙන් විශාල මකුළුවෙකි.
‘ඇමැතිතුමියනි, ඔන්න ඔබතුමියගේ ඇගේ ලොකු මකුළුවෙක් ඉන්නවා’ යැයි මාධ්‍යවේදීන් පවසද්දී, ‘අපොයි, කවුරු හරි මකුළුවා අයින් කරන්න. මගේ මුහුණට එන්න දෙන්න එපා.’ යැයි ඇමැතිනිය කියයි.
‘පේනවා නේද මං කලබල නොවී ඉන්න උත්සාහ ගන්නා හැටි. මම මකුළුවන්ට ප්‍රිය කරන්නේ නැහැ. ඒත් මම කලබල නොවී ඉන්න බලනවා’ යැයි ඇමැතිනිය කියයි.
මකුළුවා ඇමැතිනියාගේ ඇඳුමේ එහෙ මෙහෙ යද්දී, ඇමැතිනිගේ සහායට සිටි පිරිස ඇය වට කර ගනිමින් මකුළුවා කොහෙදැයි සොයාන දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වෙමින් පවතී.
අවසානයේ මකුළුවා ඇමැතිනියගේ සිරුරින් බැස යන්න යයි. ‘හරි එයා යන්න ගියා. බලන්නකෝ වැඩේ හැටි. අපට කොරෝනාවලින් කරදර. දැන් හන්ට්ස්මන් මකුළුවන්ගෙනුත් කරදර. වෙච්ච දෙයක්’ යැයි අගමැතිනිය සැනසුම් සුසුම් හෙලමින් කියයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ