ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනියන් වන කරීනා කපූර් සහ අම්රිතා අරෝරා හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
ඔවුන් පසුගිය සතියේදී චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර්ගේ නිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී ඇති බව වාර්තා වේ.
කරීනා කපූර් සහ අම්රිතා අරෝරා හට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැනීමත් සමඟ කරන් ජොහාර්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ සෙසු පිරිස ද වෛද්‍ය පරීක්ෂාවකට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
වෛරසය ආසාදනය වු කරීනා කපූර් සහ අම්රිතා අරෝරා යන දෙදෙනාම කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කරීනා කපූර් සහ අම්රිතා අරෝරා නිරෝධායනයට යොමු කර තිබේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්