හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදින් මහතාට එරෙහි පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලීමක් කර තිබෙනවා.
ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක පොලිස් විමර්ශන කටයුතු අත්හිටුවන්නැයි ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ අත්සනින් යුතු ලිපියක් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙනවා.
පසුගියදා පැවති දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේ දී ගත් ඒකමතික තීන්දුවකට අනුව අගෝස්තු මස 5 වනදා පැවැත්වෙන මහ මැතිවරණය අවසන් වන තෙක් එම විමර්ශන අත්හිටුවන ලෙසයි මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්