යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් යළි සාකච්ඡාවට යොමුවන ලෙස ලොව ධනවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් හෙවත් ජී 07 කණ්ඩායම රුසියාවෙන් ඉල්ලීමක් කර තිබේ.
එංගලන්තයේ ලිවර්පූල්හිදී ඊයේ (11) එම කණ්ඩායම රැස් වූ අතර එහිදී රුසියානු – යුක්‍රේන අර්බුදය වැළැක්වීම සඳහා එක්සත්ව කටයුතු කිරීමට එකඟතාව පළකළ බව වාර්තා වේ.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලිස් ට්‍රස්, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇත්තනී බ්ලින්කන් සහ ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය හා ජපානය යන රටවල විදේශ ලේකම්වරුන් එම සාකච්ඡාවට එක්ව සිටියේය.
චීනයේ යුද සහ ආර්ථික අභිලාශයන් සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඇතුළු කරුණු සම්බන්ධයෙන්ද ජී 07 සමුළුවේදී අවධානය යොමුව තිබේ.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය