ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි බ්‍රසීල ජාතික තරුණියක ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී අද (09) අලුයම කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය කැරොලයින් අරවුයෝ ද සිල්වා නමැති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත බ්‍රසීල ජාතික 23 හැවිරිදි තරුණියකි.
ඉන් අනතුරුව ඇයව බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත මෙම වරෙන්තුකාරිය බ්‍රසීල රජය මගින් අත්අඩංගුවට ගැනීමට සිටියදී ඇය තායිලන්තය වෙත පැන ගොස් තිබේ.
ඇය තායිලන්තයේ සැඟවී සිට ඇති අතර වීසා කාලය නිමාවීම හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලීසිය සමග සම්බන්ධතා පවත්වන බව නොදැන ඇය එලෙස ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා උත්සාහ ගෙන තිබූ බව අනාවරණය වී ඇත.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්