තාවකාලිකව අත්හිටුවා තිබු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම නැවත ආරම්භ කර තිබෙනවා.
කොරියානු රජය විසින් 2020 පෙබරවාරි මාසයේ සිට වසර දෙකක ට ආසන්න කාලයක් ශ්‍රමිකයින් අලුතින් ගෙන්වා ගැනීම අත්හිටුවා තිබුණා.
ඒ අනුව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් 33 දෙනෙකු රැකියා සඳහා ඊයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දකුණු කොරියාව බලා පිටත්ව ගියා.
එම ශ්‍රමිකයින් පිටත්ව යාමේ අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික අධ්‍යක්ෂක කිම් වොන් ෂියොක් යන මහත්වරුන් එක්ව සිටියා.
More Stories
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ