සියලු විදේශිකයන්ට රටට ඇතුලුවීම ඊශ්‍රායලය විසින් තහනම් කර තිබෙනවා.
එය අද රාත්‍රියේ සිට බලාත්මක කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.
ඒ අනුව ඔමික්‍රොන් නව වෛරස් ප්‍රභේදය හමුවේ සමස්ත දේශ සීමා වසා දමන ලද පළමු රට වන්නේ ඊශ්‍රායලයයි.
අවම වශයෙන් දින 14 ක් මෙම නියමය ක්‍රියාත්මක කරන බව එරට අග්‍රාමාත්‍ය නෆ්ටාලි බෙනට් කියා සිටියා.
මේ අතර ඔමික්‍රොන් නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිතයෙකු ඉතාලියෙන්ද හමුවී තිබෙනවා.
මොසැම්බික් රාජ්‍යයේ සිට මිලාන් දක්වා පැමිණි අයෙකුට එලෙස නව ප්‍රභේදය වැළඳී ඇති බවයි ඉතාලි බළධාරීන් සඳහන් කළේ.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්