යුරෝපා සංගමයේ රටවලට පැමිණෙන සංචාරකයන් සඳහා කොරෝනා එන්නත් සහතිකයේ වලංගුභාවය මාස 9 ක කාලයකට සීමා කිරීමට නිර්දේශ කර තිබෙනවා.
යුරෝපා සංගමයේ රටවල් විදෙස් සංචාරකයන් සඳහා ලබන ජනවාරි 19 වනදා සිට සිය දේශසීමා විවෘත කරන අතර එහි දී ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කොරෝනා එන්නතක් ලබා ගැනීම අනිවාර්ය බව සඳහන්.
එම එන්නත් ලබා ගෙන මාස 9 ක් ගතවී ඇත්නම් යුරෝපා සංගමයට ඇතුළු වීමේ වලංගු සහතිකයක් ලෙස එය නොගැනීමටයි යෝජනා වී ඇත්තේ.
කෙසේ වෙතත් යුරෝපා සංගමය තීරණය කර ඇත්තේ ඔවුන් බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා ඇත්නම් එන්නත්කරණ සහතිකයේ වලංගුභාවය දීර්ඝ කිරීමටයි.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය