ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට ටෙලි නාට්‍යවල පෙනී සිටීම තහනම් කර තිබේ.
ඒ, නියෝග 8 ක් සහිතව තලේබාන් සංවිධානය නිකුත් කළ නව රෙගුලාසී මාලාවට අනුවයි.
නව නීති මාලාවට අනුව මාධ්‍යවේදිනියන් සහ නිවේදිකාවන් හිස් වැසුම් පැළඳ රූපවාහිනී වැඩසටහන්වලට එක්විය යුතු වේ.
ශරියා නීතියට පටහැනි චිත්‍රපට සහ සංදර්ශන ද තහනම් වනු ඇති.
විවිධ සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය කෙරෙන විදේශ චිත්‍රපට විකාශනය ද තහනම් කර ඇත්තේ එරට රූපවාහිනී මාධ්‍ය කේෂත්රයට දැඩි රෙගුලාසි පනවමිනි.
ගැහැනු ළමුන්ට සහ තරුණියන්ට පාසල් අධ්‍යාපනය අහිමි කළ ලොව එකම රටවන්නේ ද ඇෆ්ගනිස්ථානයයි.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්