චීනයේ ‘කොවිඩ් 19’ ඩෙල්ටා රැල්ල තවමත් අවසන් නැති බවත්, එය පාලනය කර ගැනීම අසීරු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන සෞඛ්‍ය අංශ, නව ආසාදිතයන් වෙන් කිරීමටත්, ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමටත් පියවර රැසක් ගෙන ඇති බව ද පැවැසෙයි.
මෙම නව කොවිඩ් රැල්ල ආරම්භ වූයේ පසුගිය ඔක්තෝබර් මස ආරම්භයේදීය. ඔක්තෝබර් 17 වැනිදා සිට මේවනවිට චීන සමාජයෙන් හඳුනා ගත් ආසාදිතයන් ගණන 1,308 කි. ඒ සියලු දෙනාට ආසාදනය වී ඇත්තේ ‘කොවිඩ් 19’ ඩෙල්ටා විකෘති ප්‍රභේදයයි. මේවනවිට චීනයේ පළාත් 21 කින් ආසාදිතයන් හමුවී ඇතැයි ද වාර්තා වේ.
ඒ අනුව චීනයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 98,315ක් වන අතර, වාර්තාවී ඇති මරණ ගණන 4,636 කි. ‘කොවිඩ් 19’ වයිරස වසංගතයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. එය ලොව පුරා ව්යාප්තවෙද්දී ‘ඩෙල්ටා’ වැනි විකෘති ප්‍රභේද නිර්මාණය විය. අද යළි ‘කොවිඩ් 19’ චීනයට පැමිණ ඇත්තේ විකෘති ප්‍රභේදයක් ලෙසය.
More Stories
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්