ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා සිම්බාබ්වේහි දී පැවැත්වෙන තරගාවලියකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (16) දිවයිනෙන් පිටත්වයාමට නියමිතය.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතය ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම “A” කාණ්ඩයෙන් තරග කරන අතර බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය හා නෙදර්ලන්තය සමග ඔවුන් තරගවැදීමට නියමිතය.
More Stories
දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2026 ශීත ඍතු ඔලිම්පික් විකාශන අයිතිය චීන මාධ්‍ය සමූහයට
2026 T20 ලෝක කුසලාන ආරම්භක තරගය ශ්‍රී ලංකාවට