‘කොවිඩ් 19’ වසංගතයට එරෙහිව ‘දෙවැනි පරම්පරාවේ’ එන්නත් අවශ්‍ය බවත්, එම එන්නත් කඩිනමින් ජනතාව අතරට යාවි යැයි තමන් බලාපොරොත්තු වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය සෞම්‍යා ස්වාමිනාදන් පවසා ඇත.
‘දෙවැනි පරම්පරාවේ’ එන්නත් ලෙස සෞම්‍යා ස්වාමිනාදන් අර්ථ දක්වා ඇත්තේ, නාසයට ඉසින දියර ලෙසින් සහ මුඛ එන්නත් ලෙසින් නිර්මාණය වන එන්නත්ය.
එන්නත් යැයි කී සැණින්, සිහියට නැගෙන්නේ සිලින්ජරයක් ආධාරයෙන් සිරුරට ඇතුළු කරන ඖෂධය. දැනට ‘කොවිඩ් 19’ සඳහා භාවිතයට ගන්නා ‘ෆයිසර්’, ‘මොඩර්නා’, ‘ඇස්ට්‍රාසෙනකා’, ‘සයිනොෆාම්’ ඇතුළු මෙම වර්ගයේ සියලු එන්නත් අයත් වන්නේ ‘පළමු පරම්පරාවේ’ එන්නත් අතරටය.
දෙවැනි පරම්පරාවේ එන්නත් නාසයට ඉසින දියර ලෙසින් සහ මුඛ එන්නත් ලෙසින් නිර්මාණය වනු ඇත්තේ ‘කොවිඩ් 19’ වයිරසයේ විකෘති ප්‍රභේද අඩපණ කළ හැකි ලෙසය.
එපමණක් නොව, ඕනෑම අයකුට තනිවම මෙම ‘දෙවැනි පරම්පරාවේ’ එන්නත් පහසුවෙන් ලබා ගැනීම ද කළ හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය පෙන්වා දී තිබේ.
More Stories
අසීරුතා අභිබවමින් චීන ආර්ථික වර්ධනය අඛණ්ඩව
ඇමරිකාව සෙසු රටවල විද්‍යා හා තාක්ෂණ සංවර්ධන අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව චීනය කියයි
චීනය තවත් චන්ද්‍රිකා සමූහයක් කක්ෂගත කරයි