මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 50 ක් වෙනුවෙන් අවස්ථාව ලබාදීම සඳහා විශේෂ දිනයක් ලෙස අද පාර්ලිමේන්තුව රැස්වනවා.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම මත ආණ්ඩුව වෙනුවෙන් වාචික පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා මෙලෙස අවස්ථාව හිමිවනු ඇති.
අද දිනයේදී වැඩිම ප්‍රශ්න සංඛ්‍යාව වන ප්‍රශ්න 06 ක් යොමුවී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙතයි.
මෙම පාර්ලිමේන්තු සතිය විශේෂත්වයක් ගෙන ඇත්තේ අයවැය කථාව ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිතවීම හේතුවෙන්.
අනතුරුව අයවැය විවාදය ලබන මස 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර අයවැය අවසාන ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වෙනු ඇති.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්