හබරණ හුරුළු ජාතික වන උද්‍යානයේදී සංචාරකයින් රැගත් සෆාරි ජීප් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයන් අට දෙනකු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය පවසයි.
පන්නිපිටියේ පදිංචිකරුවෙක් වන 41 හැදිරිදි තරිඳු සුමතිරත්න නැමැත්තා මෙහිදී මියගොස් ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූ පිරිස දඹුල්ල රෝහලට ඇතුළත් කළ බවත් රෝහල්ගත කළ පුද්ගලයන් අතරට දරුවන් හතර දෙනෙක් ඇතුළත්ව සිටින බවත් පොලිසිය කීය.
එම පිරිස උද්‍යානය නරඹමින් සිටියදී අලියකුට භිය වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් අනතුරට මුහුණ දෙන විට සෆාරි ජීප් රථයේ පුද්ගලයන් 11 දෙනෙක් සිට ඇති බව ද වාර්තා වේ.
එම අනතුරට පත්වූ පුද්ගලයන් පන්නිපිටිය සහ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය වැඩි දුරටත් පැවසීය.
More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට