ජාතික සම්පත් විදෙස් සමාගම්වලට ලබා දීමට එරෙහිව, ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සමග එක්ව ඒකාබද්ධ වර්ජනයකට අවතීර්ණ වන බව තෙල්, වරාය සහ විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මේ බව ප්‍රකාශ කළේ, ඊයේ පස්වරුවේ සෙසු වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් කැඳවමින්.
මේ අතර එම සාකච්ඡාවට ලංකා විදුලි බල මණ්ඩලය, වරාය, ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය යන ආයතන නියෝජනය කරන වෘත්තීය සමිති මෙන්ම ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නායකයින්ද එක්ව සිටියා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති