අපේ සිංහල සිනමාවට ජාත්‍යන්තරය තුළ තිබෙන තැන එන්න එන්නම ඉහළ යමින් පවතිනවා.
ඔබට මතක ඇති පසුගිය කාලයේත් සිංහල චිත්‍රපටවලට ජාත්‍යන්තර සම්මාන උළෙලවල් වලදී සම්මාන බොහොමයක් ලැබුණා.
මේ කියන්න යන්නෙත් අපේ සිංහල සිනමාව ජාත්‍යන්තරය තුළදී ඇගයීමකට ලක්වූ අවස්ථාවක්.
ගාඩි චිත්‍රපටයට ආසියානු පැසිපික් සිනමා උළෙලේ දී සංස්කෘතික විවිධත්වය සහ එය සුරැකීමේලා උපරිම දායකත්වය දක්වන විශිෂ්ඨ සිනමා නිර්මාණයට හිමි සම්මානය හිමිවුණා.
“ගාඩි” ප්‍රසන්න විතානගේ මහතාගේ සම්මානනීය අධ්යක්ෂ කාර්යයක්.
මෙම සම්මානය පිළිබඳව 14 වැනි ආසියා පැසිපික් සිනමා උළෙලේ අන්තර්ජාතික තේරීම් කමිටුව විසින් ඊයේ තමයි නිවේදනය කළේ.
මේ, ප්‍රසන්න විතානගේ මහතා විසින් ඒ පිළිබඳව දැනුම් දුන් වීඩියෝව…
මේ, එම චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති