ගෝලීය ආහාර මිල කැපීපෙනෙන මට්ටමින් ඉහළගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙයි.
පසුගිය වසර තුළ දී පමණක් ආහාර ද්‍රව්‍ය මිල ගණන් සියයට 30කින් ඉහළ ගොස් ඇත.මෙම දශකයේ වාර්තා වූ ඉහළම ආහාර මිල එය බව එම සංවිධානය පෙන්වා දෙයි.
ලොව පුරා සියලුම රටවල ධාන්‍යය හා එළවළු තෙල් මිල කැපීපෙනන ලෙස ඉහළ ගොස් ඇති අතර පසුගිය මාසයේ දී පමණක් එළවළු තෙල් මිල 10%කින් ඉහළ ගොස් තිබේ.
එමෙන්ම සැපයුම් ජාලය බිඳවැටීම, කම්හල් වසාදැමීම, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළයාම මෙන්ම ලෝක දේශපාලනයේ උද්ගතවූ අර්බුද මෙම තත්ත්වය උග්‍ර කිරීමට දායක වූ බවද එම සංවිධානය පෙන්වාදෙති.
මේ වසරේදී ධාන්‍ය වර්ග වල මිල පසුගිය වසරට සාපේක්ෂව සියයට 22 කින් ඉහළ ගොස් ඇති අතර තිරිඟු පිටි මිල පසුගිය මාස 12 තුළ සියයට 40 කින් පමණ ඉහළ යාම විශේෂත්වයකි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති