සංඥා දෝෂ හේතුවෙන් අද (01) උදෑසන සිට ඇනහිට තිබූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.
අද උදෑසන දෙමටගොඩ සහ පල්ලෙවෙල දුම්රිය ස්ථාන අතර සංඥා දෝෂයක් හට ගැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ඇනහිට තිබුණි.
මේ අතර රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.
පුත්තලම සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් සංඥා දෝෂයක් හේතුවෙන් නවතා තිබූ අවස්ථාවේ ඊට පිටුපසින් පැමිණි බලවේග කට්ටල දුම්රියක් ගැටීමෙන් එම අනතුර සිදුව තිබුණි.
කෙසේ වෙතත් අනතුරින් බරපතළ හානි කිසිවක් වාර්තා නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති