ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අළුයම දිවයිනෙන් පිටව ගියා.
දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට සිට නොවැම්බර් 12 වනදා දක්වා පැවැත්වෙනු ඇති.
එලඹෙන 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබෙනවා.
මෙම සමුළුව සඳහා ලොව පුරා රටවල් 197 ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන 25 දහසක පමණ පිරිසක් සහභාගී වනු ඇති.
එක්සත් රාජධානියේ මෙතෙක් පැවත්වෙන විශාලතම සමුළුව මෙය බව ද සඳහන්.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති