මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය කඩුළු 7 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 දැවී ලකුණු 154 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී චරිත් අසලංක හා කුසල් පෙරේරා ලකුණු 35 බැඟින් හා භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් වුණා පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම 16 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට