ජපාන අධිරාජයාගේ මිණිපිරිය, මාකෝ කුමරිය ඇයගේ පාසල් මිතුරා සමග විවාහ වී රජ පවුලෙන් නික්මුණු බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔවුන් දෙදෙනා මීට වසර කිහිපයකට පෙර විවාහ ගිවිසගත් අතර “කී කමුරෝ” ගේ මව සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා හේතුවෙන් විවාහය කල් දැමිණි.
ඒ හේතුවෙන් මාකෝ කුමරියට මානසික රෝගී තත්ත්වයක් ද ඇතිවුණු බව වාර්තා විය. ඔවුන් දෙදෙනා ම 30 වැනි වියේ පසුවෙයි.
මීට වසර 4කට පමණ පෙර ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගැනීම සම්බන්ධයෙන් නිවේදනය කළ අතර ඊට ජපාන ජනතාව අතර දැඩි කැමැත්තක් පිළිබිඹු විය.
නමුත් ජපාන ටැබ්ලොයිඩ් පුවත්පත් වාර්තා කළේ කී කමුරෝ ගේ මව විශාල මුදල් වංචාවකට සම්බන්ධ බවය. ඒ හේතුවෙන් ජපාන පුවත්පත් ඔහු සම්බන්ධයෙන් නිතර විමසිල්ලෙන් පසුවිය.
අනතුරුව විවාහය කල් දැමුණු අතර ඔහු නීතිය ඉගෙනගැනීම සඳහා 2018දී අමෙරිකාවට ගියේය. ඔහු ජපානයට නැවත පැමිණියේ පසුගිය මාසයේදීය.
ඔවුන්ගේ විවාහය ඉතා චාම් අයුරින් පැවැත්වුණු බව ජපාන මාධ්‍ය වාර්තා කළේය.
ජපාන රාජකීය පවුලේ කාන්තාවක් සාමාන්‍ය පුද්ගලයෙක් ව විවාහ කර ගෙන සාමාන්‍ය වැසියෙක් බවට පත්වූ විට එකවර අමෙරිකානු ඩොලර් 1.3ක මුදලක් ලබාදෙයි. නමුත් මාකෝ එය ප්‍රතික්ෂේප කර තිබුණි.
විවාහයෙන් පසුව ඔවුන් නිව්යෝර්ක් නගරයේ පදිංචිය ට යෑමට නියමිත ය.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්