Lanka Plus News

www.lankaplusnews.com

රසායනික ද්‍රව්‍ය රැගත් නෞකාවක ගින්නක්

රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක් කැනඩාවේ වැන්කුවර් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනිමකට ලක් වී තිබෙනවා.

මෙලෙස ගිනිගෙන ඇත්තේ පතල් රසායනික ද්‍රව්‍ය රැගත් බහලුම් නෞකාවක්

කැනේඩියානු වෙරළ ආරක්ෂක නිළධාරීන් සඳහන් කළේ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු ආරක්ෂිතව මේ වන විට ඉවත් කරගෙන ඇති බවත්, තවත් 5 දෙනෙකු නෞකාවේ සිටින බවත්ය

ගින්න නිවා දැමීම සඳහා ටග් යාත්‍රා සහ හෙලිකොප්ටරයක් මේ වන විටත් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ

WP Twitter Auto Publish Powered By : XYZScripts.com