ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දු – ටිබෙට් දේශ සීමාවේ මුහුදු මට්ටමෙන් අඩි 17,000ක් උසින් පිහිටි ලම්ඛගා දුර්ගය තරණය කිරීමට ගිය කඳු නගින්නන් 17 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ සංචාරකයින්, මග පෙන්වන්නන් සහ භාණ්ඩ රැගෙන යන්නන් ඇතුළු පිරිසක්.
මෙවුන් පසුගිය 18 වැනි දා බලපෑ දැඩි හිම පතනයත් සමග මෙලෙස අතුරුදන්ව ඇති අතර පසුව සිදු කළ සොදිසි මෙහෙයුම් වලදී පුද්ගලයින් 11 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍යය වාර්ථා කළේ.
සෙසු පුද්ගලයන් සොයා ඉන්දීය ගුවන් හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ