රුසියාවේ මොස්කව් නුවරට ආසන්න රයිසාන් ප්‍රදේශයේ පිහිටි කාර්මික පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් විස්සකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කළා.
මෙම අනතුරින් තවත් කිහිදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
ඊයේ සන්ධ්‍යාවේ ඇති වූ මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා සහන සේවකයින් කටයුතු කර ඇති අතර ඉන් කර්මාන්ත ශාලාවට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
ගින්න ඇති වීමත් සමග එහි සිටි සේවකයින් කර්මාන්ත ශාලාවෙන් පිටතට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් ජීවිත රැසක් බේරා ගැනීමට හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.
More Stories
ඇමරිකාව ජාත්‍යන්තර සිසුන් වෙනුවෙන් පැනවූ වාරණය තමන්ගේම අනාගතය අර්බුදයකට ඇද දැමීමක්
ජාත්‍යන්තර සමථ මණ්ඩලය චීන හොංකොං විශේ ෂ පරිපාලන කලාපයේ පිහිටුවීමට එකඟතාව
චීන විදේශ අමාත්‍යවරයා සහ සාමය හා සංහිඳියාව පිළිබඳ ආසියානු කවුන්සිලයේ සභාපතිවරයා අතර හමුවක්