ලොව දීර්ඝතම කාලයක් ලොක්ඩවුන් කර තිබූ නගරය වන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය අද (22) සිට යළි විවෘත කර තිබේ.
දිගු කාලයකට පසු ලද නිදහස සැමරීම සඳහා නගරවාසීන් අවන්හල් වෙත පැමිණෙමින් සහ මාර්ගවලට අවතීර්ණ වෙමින් සාද පවත්වන බව විදෙස් වාර්තා පැවසුවේය.
මෙල්බර්න් හි වයස අවුරුදු 16 ඉක්මවූ අයගෙන් 70%ක් එන්නත්කර අවසන් කිරීම හේතුවෙන් නගරය මෙසේ යළි විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
වසංගත ව්‍යාප්තිය තුළ හය වතාවකදී මෙල්බර්න් ලොක්ඩවුන් කර තිබූ කාලය දින 260කට අධිකය.
ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද 243,273,624ක් ලෙස දැක්වේ.
වසංගතයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 4,945,287ක් සිදුව තිබේ.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්