මාස 7 කට පසු චීනයේ බෙයිජීං අගනුවරින් යළිත් වරක් ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තාවීමට පටන්ගෙන ඇත.
ඒ අනුව, ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් කඩිනමින් සොයා ගැනීමට විශේෂ මෙහෙයුම් ආරම්භ වී ඇති බවත් හමුදා සහාය ද සෞඛ්‍ය බලධාරීන්ට ලැබෙන බවත් වාර්තා වේ.
බෙයිජීං ආසාදිතයන් වාර්තා වීම ආරම්භ වූ බව පැවැසෙන්නේ අගනුවරට පැමිණි දේශීය සංචාරකයන් පිරිසකගෙන් යැයි ද මේ වනවිට තහවුරු වී අවසන්ය.
ඒ අනුව, ගුවන් ගමන් බිමන් සිය ගණනක් අවලංගු කිරීමටත් පාසල් සහ කාර්යාල කඩිනමින් වසා දැමීමටත් පියවර ගෙන තිබේ. මේ වනවිට බෙයිජීං අගනුවර ක්‍රියාත්මක වන්නේ අත්‍යාවශ්‍ය සේවා පමණි.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්