මහ කන්නයේ වී වගාව, අනෙකුත් ක්ෂේත්‍ර භෝග, එළවළු හා පළතුරු වගා සඳහා යෙදවීමට ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ පරිසර හිතකාමී නැනෝ නයිට්රජන් දියර ගොවිනට ලබා දිම සඳහා ගොවිජන මධ්‍යස්ථාන වෙත ලබාදීම අද සිදු කෙරිණි.
එම පොහොර තොගය අම්පාර ,මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භකර ඇති දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබාදීමට නියමිතය.
එම පොහොර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා විසින් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතාට නිලවශයෙන් භාරදීය හුණුපිටියේ පිහිටි සි/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේදී අද (20 ) නිල වශයෙන් සිදුකෙරිණි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති