පුද්ගලයන් 21 දෙනෙක් රැගත් ගුවන් යානයක් අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් ගුවන්තොටුපොළේ ගුවන් පථයේ දී අනතුරට ලක්වී තිබේ.
යානයේ ගමන්ගත් 21 දෙනාගේම දිවි බේරාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
පුද්ගලයන් 21 දෙනෙක් රැගත් ගුවන් යානයක් අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් ගුවන්තොටුපොළේ ගුවන් පථයේ දී අනතුරට ලක්වී තිබේ.
යානය ගුවන්ගත කිරීමට උත්සහ දරන අවස්ථාවේ එය ආරක්ෂිත වැටක ගැටී මෙසේ අනතුරට පත්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
එහිදී ගුවන් යානය ගිනිගෙන තිබුණි.
එම අනතුරින් යානයේ ගමන් ගත් සියලුදෙනාම අනතුරින් දිවි බේරාගෙන තිබේ.
එක් අයෙක් පමණක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව අමෙරිකානු වාර්තා පැවසුවේය.
කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව සඳහන්ය.
යානය වැටෙහි ගැටී කඩාවැටීමට පෙර අඩි 500ක් පමණ ඉහළට පියාසර කර තිබූ බව මූලික විමර්ශනවලින් හෙළි වී තිබුණි.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්