මොඩර්නා එන්නත අවදානම් කණ්ඩායම් සඳහා බුස්ටර් එකක් ලෙස භාවිත කිරිමට අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන ආයතනයේ විශේෂඥ මණ්ඩල අනුමැතිය හිමි විය.
එහි ඒකමතික අනුමැතිය පරිදි සාමාන්‍ය කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවන් ලබා ගැනීමෙන් මාස 6 කට පසුව මොඩර්නා එන්නත අතිරේක මාත්‍රාවක් ලෙස ලබා ගත හැකිය.
ඒ අනුව, අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන එරට පුරවැසියන්ට එය ලබාදීම පිළිබඳ සිය අවසන් නිර්දේශය ලබා දීමට නියමිතව ඇත.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නව අනුමැතිය හිමිවිම සමග මොඩර්නා එන්නතේ මිල 3%කින් පමණ ඉහළ ගොස් ඇති බවය.
මීට පෙර ෆයිසර් එන්නත ද බුස්ටර් එන්නතක් ලෙස ලබාදීමට අමෙරිකාවේ අනුමැතිය හිමි විය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය