ශාරුක් ඛාන්ගේ පුතා ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් එක තමයි මේ වෙනකොට බොලිවුඩයේ වැඩියෙන්ම කතා බහ වෙන කාරණාව.
ඉරිදා අත්අඩගුවට ගත් වෙලාවේ ඉඳලා ආර්යන් මේ වෙනකොට ඉන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ.
ආර්යන් ඇතුළු අත්අඩංගුවට ගත් අනෙක් අයත් ඊයේ අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා.
එහිදී නියෝග කරලා තිබුණේ තවත් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නයි.
එවගේම ඊයේ දවසේ ශාරුක් ඛාන්ගේ staff එකේ කීපදෙනෙක් ආර්යන්ට කෑම බීම හා සූට්කේස් අරගෙන මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය එළියෙදී ඉන්නවා media වලින් photos පවා අරගෙන තිබුනා.
කෙසේ නමුත් අද ආර්යන් ඛාන්ගේ ඇප ඉල්ලීම සලකා බලන්න නියමිතයි කියලා තමයි ආරංචි වුණේ නම්.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්