Lanka Plus News

www.lankaplusnews.com

සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිලට හෙට සිදුවන දේ

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට (07) පැවැත්වීමට සැලසුම් කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එම විශේෂ රැස්වීම හෙට පස්වරු 5.00ට පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

එහිදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සූදානම් වන බවට ආරංචි මාර්ග සදහන් කරයි.

සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය සිදුකර ඇති යෝජනාව පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

නමුත් මේ දක්වාත් එම භාණ්ඩ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com