බන්ධනාගාර රැඳවියන්ව හමුවීම සඳහා අමුත්තන්ට පනවා ඇති තහනම ලබන සඳුදා (04) සිට ඉවත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පසුගිය අගෝස්තු 07 වන දා සිට බන්ධනාගාරගත රැඳවියන් ට අමුත්තන් පෙන්වීම තාවකාලිකව නතර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කෙරිණි.
වසංගත තත්ත්වය මේ වන විට මුළුමනින්ම පහව ගොස් නොමැති බැවින් රජය විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් අමුත්තන් බැලීමේ කටයුතු සිදුකරන ලෙසද, හැකිතාක් දුරට E-විසිට් ක්‍රමය හරහා අමුතන් බැලීම සිදුකරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දන්වා සිටී.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති