ඉක්වදෝරයේ බන්ධනාගාරයක හටගත් ගැටුමින් මියගිය රැඳවියන් සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබේ.
එරට ගුආයාකුයිල් නගරයේ පිහිටි බන්ධනාගාරයක ඊයේ (29) හටගත් එම ගැටුමින් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අපරාධ කණ්ඩායම් දෙකකට අයත් රැඳවියන් අතර හටගත් එම ගැටුම පාලනය කිරීම සඳහා එරට පොලීසිය සහ හමුදාව මැදිහත් වී ඇති අතර ඊට පැය 05ක පමණ කාලයක් ගතවී තිබේ.
මෙවැනි ගැටුම් රැසක් ඉක්වදොරයේ බන්ධනාගාර තුළ මීට පෙරද හටගෙන තිබු අතර ඒවා පාලනය කිරීමේ අරමුණින් එරට ජනාධිපතිවරයා විසින් පසුගිය ජුලි මාසයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබුණි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්