තුන්වැනි කොරෝනා එන්නත් මාත්‍රාවක් ලබා දීමට ජපාන රජය අනුමැතිය දී ඇත.
මේ වසර අවසානයේදී සෞඛ්‍ය සේවකයින්ට තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදෙමින් එම වැඩපිළිවෙළ ආරම්භ කරන බව එරට එන්නත් කටයුතු භාර අමාත්‍ය කොනෝ ටාරෝ මහතා සඳහන් කළේය.
වයෝවෘද්ධ පුද්ගලයින් සඳහා ලබන වසර මුලදී තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදෙන බව ද ඔහු සඳහන් කළේය.ඉන්පසු අනෙක් ජනතාව සදහා තෙවැනි එන්නත් මාත්‍රා ලබා දෙන බවද හෙතෙම කීවේය.
මේ වනවිට ජපාන ජනගහනයෙන් සියයට 54 ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇත.වැඩිහිටි ජනගහනයෙන් සියයට 90 ක එන්නත් ලබා දී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය.
ජපානයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 16 ලක්ෂ 89,899 ක් වන අතර එරටින් සමස්ත මරණ 17,421 ක් වාර්තා වූහ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්