උණවටුන උප දුම්රිය ස්ථානය අද (13) දිනයේ දී තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ කොරෝනා ආසාදනය වු පුද්ගලයෙකු උනවටුන උප දුම්රියපොලේ ස්ථානාධිපතිවරයා සමග සමීපව ඇසුරු කිරිම හේතුවෙනුයි.

එමෙන්ම උණවටුන දුම්රිය ස්ථානය අද (13) දිනයේදී විෂබිජ හරණයට ලක් කිරීමට ද පියවර ගත් බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

අදාළ උප දුම්රියපොල ස්ථානාධිපතිවරයා මේ වනවිට PCR පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහි වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

By Widane

WP Twitter Auto Publish Powered By : XYZScripts.com