ගොවීන් සතු වී තොග අලෙවි නොකිරීස නිසා කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් වැසී යාමේ අවදානමක් ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ පවසති.
මේ නිසා සහල් නිපදවීමට නොහැකි තත්වයක් මත වෙළඳපොළේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ ඇතැයි පොළොන්නරුව සහල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතියේ උප සභාපති ආනන්ද සමරකෝන් පවසයි.
පසුගිය කන්නයේ වී කිලෝවක් රුපියල් 60කට මිලදී ගත්තද එය දැන් රුපියල් 55 දක්වා පහත දමා ඇත. මෙම තත්වය හමුවේ ගොවීන් සිය වී තොග අලෙවි නොකර සිටීමට කටයුතු කර තිබේ.
මේ නිසා වෙළෙඳපොළට සහල් සපයන කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතු නිෂ්පාදන වෙළෙඳපොළට නොපැමිණීම නිසා ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවීමට ඉඩ ඇතැයිද ඔහු සඳහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති