ප්‍රංශය සහ එක්සත් රාජධානිය අතර පැවැත්වීමට නියමිතව තිබූ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවක් අවලංගු කිරීමට ප්‍රංශය තීරණය කර තිබේ.
ඒ, පසුගියදා අමෙරිකාව, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව එක්ව අත්සන් කළ නව ආරක්ෂක ගිවිසුමට විරෝධය දක්වමිනි.
එම නව ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීන් යාත්‍රා ඉදිකිරීමට අනෙක් පාර්ශ්වයන් සහාය දැක්වීමට නියමිතය.
නමුත් 2016 වසරේදී ඔස්ට්‍රේලියාව සහ ප්‍රංශය අතර සාමාන්‍ය සබ්මැරීන් යාත්‍රා 12ක් ඉදිකිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබුණි.
එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 37කි.
නව ආරක්ෂක ගිවිසුමත් සමග එම ගිවිසුම අවලංගු කිරීමට ඔස්ට්‍රේලියාව කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රංශ බලධාරීන් සිය විරෝධය පළකර තිබේ.
ඔකස් ගිවිසුම ගැන ප්‍රංශය කනගාටු නොවිය යුතු බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසීය.
නමුත් ප්‍රංශය පැවසුවේ එක්සත් රාජධානිය සහ අමෙරිකාව සිදුකර ඇත්තේ “පිටුපසින් පැමිණ පිහියෙන් ඇනීමක්” වැනි ක්‍රියාවක් බවය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්