ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය ලොක්ඩවුන් තත්වයෙන් මුදා හැරීමේ වැඩපිළිවෙල අද ප්‍රකාශයට පත් කෙරුණා.
ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 70 ඉක්මවා යාම හමුවේ මෙම මාර්ග සැළසුම ප්‍රකාශයට පත් කරන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් කියාසිටියේ.
මෙල්බර්න් නාගරික කලාපය සහ ප්‍රාදේශීය කලාපය ලෙස වෙන වෙනම මෙම රෙගුලාසි ක්‍රියාත්මකයි.
ඒ අනුව මෙල්බර්න් නාගරික කලාපය තුළ එන්නත්කරණ ඉලක්කය සියයට 80 සපිරුණු වහා එනම් බොහෝ දුරට සැප්තැම්බර් 26 න් පසුව මිතුරන් හමුවීම / ක්‍රිකට් – ගොල්ෆ් වැනි බාහිර ක්‍රීඩා සඳහා අවසර හිමිවීම සහ මූලික වශයෙන් පාසල් විවෘත කිරීම සිදුවනවා.
දෙවන අධියරේදී ඇඳිරි නීතිය ඉවත් කිරීමත් 3 වන අධියරේදී මුව ආවරණ පැළඳීමේ සීමා ලිහිල් කිරීමත් අපේක්ෂා කෙරෙනවා.
04 වන අධියර යටතේ නත්තල් සමය වනවිට බොහෝ දුරට නිවසකට අමුත්තන් 30 දෙනෙකු සඳහා පැමිනීමට අවසර ලබාදීමට අපේක්ෂා කෙරෙන බවයි ඔස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් කියාසිටියේ.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය