රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් හැටදහසකගේ පුහුණු කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාවක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා
මෙම උපාධිධාරීන්ගේ පුහුණු කාලය වූ වසරක කාලය සැප්තැම්බර් මාසයෙන් අවසන් වුණා.
ඔවුන්ගේ ඉදිරි කටයුතු ද සැලසුම් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇති බව සඳහන්.
එම කමිටුවේ නිර්දේශවලට අනුව පළාත් සභා, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවල පුරප්පාඩු සඳහා මෙම උපාධිධාරීන් අනුයුක්ත කිරීමට නියමිතයි.
එහෙත් ගතවන කාලය හා ස්ථිර කර වැටුප් ගෙවීමට ප්‍රතිපාදන වෙන් කිරීමේ දී ඇතිවන ගැටලු සැලකිල්ලට ගෙන පුහුණු කාලය මාස 06කින් දිරීඝ කිරීමටයි යෝජනා වී ඇත්තේ
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්