ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර බන්ධනාගාරයක හටගත් ගින්නකින් රැඳවියන් 41 දෙනෙකු මියගොස් තිබේ.
අද (07) අලුයම මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රැදවියන් 122 දෙනෙකු රඳවා සිටි ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර තිබේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ඉන්දුනීසියානු බලධාරින් සඳහන් කර ඇත.
පුද්ගලයින් 600 ක පමණ පිරිසකට පහසුකම් සහිත අදාළ බන්ධනාගාරයේ 2,000 ක පමණ පිරිසක් රඳවා සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More Stories
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්
“232 තීරුබදු පියවර” කඩිනමින් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
‘එක් තීරයක් එක් මාවතක්’ සංවර්ධනයෙන් ගෝලීය දකුණේ ශක්‍යතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ