වයස අවුරුදු දෙක ඉක්ම වූ ළදරුවන්ට එන්නත් ලබාදීම කියුබාව ඊයේ (07) ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව ළදරුවන්ට කොරෝනා එන්නත් ලබාදෙන පළමු රට බවට කියුබාව පත් වී තිබේ.
කියුබාව දේශීය වශයෙන් නිෂ්පාදනය කළ අබ්ඩාලා සහ සොබර්නා යන කොරෝනා එන්නත් ඒ සඳහා යොදා ගැනෙන බව සඳහන් කරයි.
එම එන්නත් කුඩා දරුවන් සඳහා අත්හදා බැලීමෙන් අනතුරුව මෙලෙස පුළුල් භාවිතයට යොදා ගැනෙන අතර එය වයස අවුරුදු දොළහ ඉක්ම වූවන්ටලබාදීම මුලින් ආරම්භ කෙරිණි.
මෙම කියුබානු කොරෝනා එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් හිමි වී නැහැ.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්