ආණ්ඩුව හදිසි නීති ගේන්න හදන්නේ ඔවුන් සමග එක මේසේ වාඩි වී කන බොන ජාවාරම්කරුවන් පාලනය කිරීම සඳහා යැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
“අර්බුද විසඳන්න ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනත දෙවන කොටස ක්‍රියාත්මක කර තිබෙනවා.මේ හරහා ඕනෑම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ හැකියාව ජනපතිට ලැබෙනවා.වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නත් අධිකරණයට ඉදිරිපත් නොකර දිගු කලක් රඳවා ගන්නත් මෙි හරහා හැකියාව තිබෙනවා.
සීනි මිල සහ හාල් මිල තීරණය කරන්න මේ බලය අවශ්‍යද?පාරිභෝගිකයන් ආරක්ෂා කරන මුවාවෙන් මේ කරන්නට හදන්නේ කුමක්ද?මේ අනීතික බලයක් අත්පත් කර ගැනීමක්”යනුවෙන්ද අනුර දිසානායක මහතා සඳහන් කළේය.පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කිරීමේ විවාදයට එක්වෙමින් අනුර දිසානායක මහතා මේ බව කීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති