ඇෆ්ගනිස්තානයේ තලෙබාන් සටන්කාමීන් විසින් ගැබිනි පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම කාන්තාව මධ්‍යම ගෝට් ප්‍රාන්තයේ අගනුවර වන ෆිරොස්කෝහිදී පවුලේ ඥාතීන් ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
ඇෆ්ගනිස්තානයේ කාන්තා හිංසනය ඉහළ යමින් පවතින අවස්ථාවක එම ඝාතනය සිදුවී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් තලෙබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ අදාළ ඝාතන සිද්ධියට තම සංවිධානයේ කිසිදු සබඳතාවක් නොමැති බවය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවද තලෙබාන් ප්‍රකාශකයා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්