පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතුරින් මෙරට පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සර සැමරුම හෙටට (06) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවය අද (05) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.

මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය පිහිටුවනු ලබන්නේ 1946 වර්ෂයේ සැප්තැම්බර් මස 06 වැනිදාය.

ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග ආදී ප්‍රතාපවත් චරිත නායකත්වය දැරූ එම පක්ෂයේ නායකත්වය 27 වසරක් මුළුල්ලේ හොබවනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

පසුගිය වසරේ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි.

“ජ්‍යෙෂ්ඨ ඉතිහාසයක් ශ්‍රේෂ්ඨ අනාගතයක්” යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර සිය 75වන සංවත්සරය සමරයි.

By Widane

WP Twitter Auto Publish Powered By : XYZScripts.com