මෙරට මුලු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,000 කට ආසන්න වී තිබෙනවා.
ඒ පෙරේදා සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 202 ක් ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි.
සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට පවතින්නේ 9,806 ක් ලෙසයි.
ඊයේ දිනයේ මරණ අතුරින් 155 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 42 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
ඒ අතර 05 දෙනෙකු වයස අවුරුදු 30 ට අඩු අයයි.
ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 3644 ක්.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති