කොලොම්බියාවෙන් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “මූ” යන නමින් නම් කර තිබේ.
විද්‍යාත්මකව බී. 1621 නමින් හැඳින්වෙන එය වඩාත් උනන්දුවක් දැක්විය හැකි ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කොලොම්බියාවෙන් පළමු වරට ජනවාරි මාසයේදී හඳුනාගත් “මූ” කොවිඩ් ප්‍රභේදය විකෘතීතා රාශියකින් යුක්ත වන අතර එය කොවිඩ් මර්දන එන්නත්වලට එරෙහිව සටන් කිරීමේ අවදානමක් පෙන්නුම් කරන බවද සඳහන් වේ.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තහවුරු කරගැනීම සඳහා තවදුරටත් අධ්‍යයනය කළයුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
“මූ” ප්‍රභේදය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තීකරණයට ද දැඩි බලපෑමක් එල්ල කරන අතර එය මේ වනවිට දකුණු අමෙරිකානු සහ යුරෝපීය රටවලින් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කෙසේවෙතත් “මූ” වෛරස ප්‍රභේදය ගෝලීය ව්‍යාප්තිය අනුව සියයට බින්දුවයි දශම එකකටත් වඩා අඩු අගයක් ගෙන ඇති අතර එය කොලොම්බියාව තුළ සියයට 39 ක ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්