හිස්කබලෙන් ඇලී සිටි දරුවන් දෙදෙනෙක් වෙන් කිරීමේ අතිශය දුර්ලභ සැත්කමක් ඉතාලි වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.
එම දෙදෙනා ගැහැණු දරුවන් වන අතර දරුවන්ගේ වයස අවුරුදු 2ක්.
අර්විනා සහ ප්රෙෆිනා නමැති මෙම දරුවන් දෙදෙනා මධ්‍යම අප්‍රිකානු ජන රජයෙන් රැගෙන විත් තිබේ.
වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ, ඔවුන්ගේ හිස් කබල හා එහි නහර පද්ධතිය උපතේදීම දෙදෙනාටම පොදු වන අයුරින් පිහිටා ඇති බවයි.
දරුවන් දෙදෙනා ශාරීරිකව වෙන් කිරීමේ සැත්කම අදියර තුනක් යටතේ ඉකුත් ජුනි 8 වැනි දින සිදු කර ඇත්තේ, ඉතාලියේ බැමිබිනෝ ගෙසු රෝහලේදී.
සැත්කමට පැය 18ක පමණ කාලයක් ගත වී තිබේ. ඉතාලිය කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාවෙන් පීඩා විදින මොහොතක මෙම දුර්ලභ සැත්කම් සිදු කිරීම විශේෂත්වයක්.
වෛද්‍යවරුන් පවසන්නේ, දරුවන් දෙදෙනා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්