කොළඹ, ගාලු මුවදොරදී රුසියානු ජාතික කාන්තාවකට හිංසා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගරගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා ලබන 13 වන දා දක්වා මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුනා.
මෙම රුසියානු කාන්තාවට පසුගිය 5 වන ඉරිදා පස්වරුවේ ගාලු මුවදොර පිටියේදී මෙම හිංසනය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇය එදිනම රාත්‍රීයේ කොටුව පොලීසියට පැමිණිල්ලක් කර තිබුනා. පසුව ප්‍රධාන සැකකරුද ඇතුළුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පොලිස් විමර්ශනවලදී හෙළි වූයේ, ඔවුන් කොළඹ අවට පදිංචිකරුවන් බවයි.
මෙම රුසියානු කාන්තාව හිංසනයට ලක්වන අයුරු දැක්වෙන විඩියෝවක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වුනා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්